හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුලහේන ග්‍රාම නිලධාරි වසමේ "සකුරා" කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු 2022/11/23 වන දින ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදී.
මෙහිදී , වර්තමානය් පවතින ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණින් සහ විකල්ප අදායම් මාර්ග හඳුන්වා දිමේ අරමුණ පෙරදැරිව වෙළඳපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
මේ වැඩසටහන සඳහා "තෙරුණි පහන්තිර" නිෂ්පාදන ආයතනයෙහි අධිපති ඉමල්කා මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.
කිතුලහේන ග්‍රාම නිලධාරී වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී සහ ග්‍රාම නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරි සහ වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් ඉටුකර කරන ලදී.


















