හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහතුඩුව උතුර, නැගෙනහිර හා දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයන්හි ප්‍රජාව වෙනුවෙන් බටහිර වෛද්‍ය සායනයක් ඉකුත් විසිඑක් වෙනි දින (21) කහතුඩුව උතුර සුමන ධර්මායතනයේ දී පවත්වනු ලැබූයේ වෑතර රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් .
මෙහිදී උසට සරිලන බර මැනීම, සුවනාරි සායනය, රුධිරයේ කොලෙස්ටරෝල් පරික්ෂාව, රුධිරයේ සීනි පරික්ෂාව හා අක්ෂි සායනය පවත්වන ලද අතර 120 කට අධික පිරිසක් වෛද්‍ය සායනයෙන් සේවාවන් ලබාගන්නා ලදී.
කහතුඩුව උතුර, කහතුඩුව දකුණ හා කහතුඩුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් ත්රිත්වයෙහි ග්‍රාම නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් මෙම වැඩසටහනට සහයෝගය ලබා දෙන ලදී.


















