කිරිවත්තුඩුව උතුර ග්රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධාන ප්රතිසංවිධානය 2022.11.25 වන දින සිදු කරන ලදී.
මෙයට සමගාමීව පවතින ආර්ථික අපහසුතා සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ගයක් ලෙසින් නිවසට වී සිටින කාන්තාවන් ස්වයං රැකියාවක් වෙත යොමු කිරීමේ අරමුණින් වෙළෙඳපල ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මේ සඳහා තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ අධිපති ඉමල්කා මහත්මියගේ සම්පත්දායකත්වය ලබා දෙන ලදී. තවද මේ සදහා කැමැත්තක් දක්වන කාන්තාවන් දාහතර (14) දෙනෙකු සඳහා මැෂිං බෙදා දීමක් ද සිදුවිය.
මෙම කටයුත්ත සඳහා වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, මහජන නියෝජිතයින් සහභාගී වූ අතර සංවිධානය හා සම්බන්ධීකරණය වනිතා සංවර්ධන නිලධාරී/වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර විසිනි.


















