හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාවලමුල්ල ග්‍රාම නිලධාරී වසමේ "සුහද වැඩිහිටි සමිතිය" සඳහා පැවැත්වූ වැඩසටහනක් 2022.11.24 වන දින ලෙනගල ජනෝදාන බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී ග්‍රාම නිලධාරිගේ ඉල්ලීම මත වැඩිහිටි සමිතියේ කටයුතු අධීක්ෂණය හා උපදෙස් ලබා දීම හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා නිලධාරී එයි.කේ. ඉලේපෙරුම මහත්මිය විසින් සිදු කළ අතර වැඩිහිටියන්ගේ මානසික සුවතාව උදෙසා මනෝවිද්‍යා දේශනයක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මනෝ උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් සිදුකරන ලදි.
මේ සඳහා ලෙනගල රජමහා විහාරාධිපති පූජ්‍ය පින්නවල අමිතසිරි හිමියන්ගේ ගෞරවණීය වැඩමවීම සිදු වූ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික මහතා ද සහභාගි විය.


















