හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම ග්රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ ප්රතිසංවිධාන කටයුතු 2022.11.27 වන ඉරුදින මාවත්ගම ප්රජා ශාලාවේ දී සිදුකරන ලදී.
මෙහිදී 2023 වර්ෂය සඳහා එම සංවිධානයට නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කෙරුණි .
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව හැඟීම් කළමණාකරණය හා එහි වැදගත්කම පිළිබදව කෙටි වැඩසටහනක් ප්රතිලාභී කාන්තාවන් සඳහා පවත්වන ලදී.
මාවත්ගම කාන්තා කාර්ය සංවිධානයෙහි සංවිධානයෙන්, වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර යන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා වසමෙහි ආර්ථික සංවිධාන නිලධාරී සහ ප්රතිලාභී කාන්තාවන් සහභාගී විය.

















