හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 482 බී , පනාගොඩ නගරය ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවන් මූලික කොටගෙන ආර්ථික අපහසුතා සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ගයක් ලෙසින් සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහනක් 2022.11.25 වන දින පනාගොඩ නගරය සුබසාධක සංගම් ශාලාවේදී පවත්වන ලදී.
ගොඩගම දකුණ "ලිය වරුණ" කාන්තා සමිතියේ සූජීවා මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.
වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරිතුමියගේ සංවිධානයයෙන් වනිතා සංවර්ධන නිලධාරි, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර යන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන පවත්වන්නට යෙදුණි .


















