හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගම ග්රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ ප්රතිසංවිධාන කටයුතු 2022.11.29 වන දින සිදු කරන ලදී.
මෙහිදී කාන්තාවන් සඳහා වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණින් විකල්ප අදායම් මාර්ග හඳුන්වා දිම පෙරදැරිව වෙළදපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරි විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණ දායකත්වය කාර්යාලයිය වනිතා සංවර්ධන නිලධාරි සහ වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර විසින් සපයන ලදී.














