හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 603 බී කිතුලවිල වසමේ සමෘද්ධි ප්රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.30 වන දින කිතුලවිල ප්රජා ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී වෘත්තීය පුහුණු වැඩසටහන් හා වර්තමානයේ පවතින රැකියා අවස්ථා පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.
මේ සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරි ඒ.නන්දනී මහත්මිය හා නිපුණතා සංවර්ධන නිලධාරි එම්. සී. පද්මකාන්ති මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබා දුන් අතර වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතා විසින් සංවිධානය කරන ලදී.














