සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා අනුබද්ධ , හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කලාකරුවන්ගේ කලාකටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් සංවිධාන ගතවුණු හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩළයෙහි කාරක සභාව පසුගිය 2022-11-29 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය පරිශ්‍රයේදී රැස්විය.
එළැබෙන 2023 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට සුදුසු , අවශ්‍ය වැඩසටහන් මෙහිදී කාරක සභිකයන් විසින් යෝජනා කරන ලදී.
රටෙහි පවතින වාතාවරණය සහ එහිදී කලාකරුවන් ලෙස බලමණ්ඩළය ශක්තිමත්ව පවත්වා ගැනීමත් ඉන් වඩාත් ඵලදායී සේවයක් ලබාදීම පිළිබඳ මෙහිදී වැඩි අවධානය යොමුවිය.
සංස්කෘතික නිලධාරී නාලිනී ස්වර්ණලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික නිලධාරී(බ.ප) තිසරු කෝට්ටගේ මෙය සහ කාරක සභිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභික රැස්වීම පැවැත්විණි.














