හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය වනිතා කටයුතු අංශය හා Life for all පදනම එක්ව ආර්ථික අපහසුතා ඇති දරුවන් 10 දෙනෙකු සඳහා පාසැල් නිල ඇඳුම් සහ පාවහන් ලබා දීම 2022.12.05 වන දින සිදු කරන ලදී.
ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ මග පෙන්වීම යටතේ සංවිධානය කළ මෙම සත්කාරය සහකාර ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් Life for all පදනමේ වෛද්‍ය ළහිරු මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
පවතින ආර්ථික තත්වය මත පීඩාවට පත් දරුවන්ට සහන සලසමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂෙත්‍ර සහකාර විසින් ඉටු කරන ලදී.














