සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමවේද හා ඉන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2022.12.06 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 482D නාවලමුල්ල වසමේ සංවර්ධන නිලධාරි කාර්යාලයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ සම්බන්ධීකරණ නිලධාරී ඉසුරි පෙරේරා මෙනවිය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ ආරක්ෂණ නිලධාරී තාරක වන්නි ආරච්චි මහතා මේ සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී.
නාවලමුල්ල වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී කේ.එම්.පී.ජී.ටි. බණ්ඩාර මහතා විසින් එම වැඩසටහන සංවිධානය කළ අතර වසමේ ග්‍රාම නිලධාරී ඒ.ඩබ් සන්දනායක මහත්මිය ද සහභාගී විය.














