පෙර පාසැල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් පෙර පාසැල් දරුවන් ඉලක්ක කරගනිමින් පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වූ වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගම්මන බටහිර ග්‍රාම නිලධාරී වසමේ "මෙත් පියස" පෙර පාසැලේ දරුවන් සදහා දිවා ආහාරය ලබාදීම පසුගියදා ( 6 ) සිදුකෙරින.
මෙම අවස්ථාවට සමෘද්ධි සංවර්ධන නිලධාරී යමුනා ක්‍රිෂාන්ති මහත්මිය , ග්‍රාම නිලධාරී රංජිත් තලාකොටුන්න මහතා , සංවර්ධන නිලධාරිනී ප්රියංචදා මහත්මිය , මහජන සෞඛ්‍ය පරීක්ෂක බුද්ධික මහතා හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මාගම්මන බටහිර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී යමුනා ක්‍රිෂාන්ති මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .














