හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මාගම්මන නැගෙනහිර සහ බටහිර යන ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින්  2022- 12-10 වන දින මාගම්මන  මහා  විද්‍යාලයේදී  මෙම ජංගම සේවාව  පවත්වන ලදී.

 

ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය මගින් ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත කරමින්, එකී සේවාවන් ජනතාව වෙත ගොස් වඩාත් ඵලදායීව ඉටුකර දීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන  පවත්වනු ලැබීය.

ජාතික හැඳුනුම්පත් සහ වැඩිහිටි හැඳුනුම්පත්  ලබාදීම , උප්පැන්න සහතික ලබාදීමේ කටයුතු , දේශීය විදේශීය රැකියා, වෘත්තීය පුහුණු අවස්ථා , ආයුර්වේද වෛද්‍ය සායන, කුඩා ව්‍යාපාර සංවර්ධනය , ඉඩම් ගැටලු  නිරාකරණය, උපදේශන සේවා, සමථකරණය , පාසල් නිළඇඳුම් මැසීමේ පුහුණු වැඩසටහන්, කාන්තා හා ළමා කටයුතු ,අපනයන සංවර්ධනය, විදාතා පුහුණු වැඩසටහන්  ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්   සැපයෙන තවත්  විවිධ ක්ෂේත්‍රයන්  රැසක් යටතේ වන  සේවාවන් ද පශුවෛද්‍ය සේවා,ග්‍රාමීය බැංකු සේවාවන්, වරිපනම් බදු ගෙවීම ආදී සේවාවන්ද  මෙම ජංගම සේවා වැඩසටහන මගින්  ක්‍රියාත්මක වී තිබිණි.

එසේම මෙම අවස්ථාවට සමගාමීව කාර්යාලයීය සමාජ සේවා අංශය මගින්  අදාළ වසම්වල ආබාධිත ප්‍රජාව සඳහා රෝද පුටු සහ අත්වාරු ලබාදීම ද  ළමා සංවර්ධන අංශය මගින්  අවශ්‍යතා සහිත පාසල් දරුවන් සඳහා පොත් කට්ටල බෙදාදීම සහ  කාර්යාලයීය කුඩා ව්‍යාපාර අංශයෙහි  සම්බන්ධීකරණයෙන්   කොට්ඨාසයේ ව්‍යවසායකයින්ගේ සහභාගීත්වයෙන් භාණ්ඩ අළෙවි පොළක්ද  පවත්වන ලදී.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පැවැත්වූ රුධිරගත සීනි,කොලෙස්ටෙරෝල්  පරීක්ෂාව, ජංගම දන්ත සායනය හෝමාගම ආයුර්වේද සංරක්ෂණ සභාව  මගින් පැවැත්වූ   පැවැත්වු ආයුර්වේද සායනය  සඳහා  ජනතාව වැඩි වශයෙන් සහභාගී වීම මෙහිදී දක්නට ලැබුණි.

ප්‍රජාව සඳහා නොමිලේ සේවාවන් සපයමින්  පැවැත්වූ රූපලාවන්‍ය සේවාවන් , කොණ්ඩා කැපීම සහ නොමිලේ හඳහන් පරීක්ෂාව  මෙන්ම   ජංගම සේවය  පැවැත්වූ කාළ සීමාව  පුරා ප්‍රදේශයේ කලාකරුවන් ,කලායතනසිසුදරුවන් හා එක්ව පැවැත්වූ සංගීත ප්‍රසංගය මෙහිදී  පැම්ණි පිරිසගේ   වැඩි අවධානයක් දිනාගැනීමට සමත්විය.

 කහතුඩුව පොලීසිය, රජයේ සහ විවිධ පෞද්ගලික ආයතන, මාගම්මන නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය,මාගම්මන බටහිර ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය සහ අදාළ වසම් ද්විත්වයෙහි ප්‍රජාව මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා   සහයෝගය දැක්වූ අතර   හෝමාගම  ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මග පෙන්වීම මත මෙම ජංගම සේවා  වැඩසටහන පස්වන වරටත් කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරී අංශය සහ මාගම්මන නැගෙනහිර සහ බටහිර වසම්හි ග්‍රාම නිලධාරී,සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී , කෘ.ප.නි.ස නිලධාරීන්  විසින් සංවිධානය කරන ලදී.

ප්‍රාදේශීය ලේකම්තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්, ගණකාධිකාරිතුමන් සහ පරිපාලන ග්‍රාම නිලධාරී ප්‍රධාන  වසමෙහි නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරී, ආයතනයෙහි විවිධ අංශ නියෝජනය කරමින් අදාළ නිලධාරීන්, බහුකාර්ය සංවර්ධන සහායක ඇතුළු පිරිස මේ සඳහා සහභාගී විය.

 

Divisional Secretariattoyou village

Divisional Secretariattoyou village 2

Divisional Secretariattoyou village 3

Divisional Secretariattoyou village 4

Divisional Secretariattoyou village 5

Divisional Secretariattoyou village 6

Divisional Secretariattoyou village 7

Divisional Secretariattoyou village 8

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top