හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලගම ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්රතිසංවිධානය කිරීමේ කටයුතු 13-12-2022 වන දින ශ්රී වර්ධනාරාම විහාරස්ථානයේදී සිදුකරන ලදී.
මෙහිදී මෙම වැඩසටහනට සමගාමීව වර්තමානයෙහි රටතුළ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමට විකල්ප ආදායම් මාර්ග හඳුන්වාදීමේ අරමුණින් යුතුව වෙළඳපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් පවත්වන්නට යෙදුණි .
පාලගම වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්ර සහකාර විසින් මෙහි සම්බන්ධීකරණය කටයුතු සිදුකරන ලදී.


















