හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවිධානයෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන අංශයේ අනුග්‍රහයෙන්, හෝමාගම අධ්‍යාපන කලාපයේ සිටින අ.පො.ස.(සා/පෙළ) අසමත් සිසු දරුවන් වෙනුවෙන් පැවැත් වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් 14-12-2022 වන දින හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුලාවල මහතා සහ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (උපදේශන) කල්‍යාණවිදානගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වටරැක කණිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි .
මේ සඳහා අමාත්‍යාංශය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරීන්, වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරින්, ගොඩගම කාර්මික විද්‍යාලයේ නිලධාරීන්, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ නිලධාරින් සහභාගී වූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්ෂේත්‍ර අංශය නියෝජනය කරමින් මානව සම්පත් නිලධාරීන් , විදේශ කටයුතු නිලධාරී, සංස්කෘතික නිලධාරී ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


















