හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩගම සුභාරතී මහා විද්‍යාලයීය අ.පො.ස (සා.පෙ) සහ (උ.පෙ ) හදාරන සිසුන් මූලික කොට ගනිමින් 15-12-2022 වන දින "කියවමු විඳිමු " වැඩසටහන විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි .
දොළොස් මහේ පහන සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන මගින් පොතපත කියවීමේ අගය , සාහිත්‍ය කලාව හා ජීවිතය යන අංශ කතිකාවට බඳුන් විය.
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී සිසිර කුමාර මහගම මහතා විසින් සම්පත්දායකත්වය ලබා දුන් මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණය සංස්කෘතික නිලධාරී නාලනි ස්වර්ණලතා මහත්මිය විසින් සිදුකරන ලදී.


















