හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 484/A , පිටිපන දකුණ ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .15 වනදින දක්ෂිණාරාම විහාරස්ථානයේදී සිදුකරන ලදී.
මෙහිදී කාන්තා සමිතියක ඇති වැදගත්කම මෙන් ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබදව ප්‍රජාව දැනුවත් කරන ලදී.
එමෙන්ම මෙම වැඩසටහන හා සමගාමීව කාන්තාවන් සඳහා වර්තමානයේ පවතින ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණින් විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීම පෙර දැරිව වෙළෙඳපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් පවත්වන්නට යෙදුණි .
වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී /වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.


















