අධිකරණ අමාත්‍යාංශය හා සමථ කොමිෂන් සභාවේ සංකල්පයකට අනුව, හෝමාගම ප්‍රාදේශිය ලේකම්තුමාගේ උපදෙස් පරිදි "අනාගත නායකයන් උදෙසා සමථකරණය" යන තේමාව යටතේ මාර්ගගත තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් පවත්වන ලද පාසල් සමථකරණ වැඩසටහනක් 2022.12.16 වන දින පැවැත්විණි.
මෙම වැඩසටහන බප/හො මාගම්මන මහා විද්‍යාලයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා එම පාසලේ සිසු සිසුවියන් හා ගුරුවරුන් සහභාගී විය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයයේ සමථකරණ නිලධාරී කේ.ඩී. හිමාලි කටුගම්පල මහත්මියගේ සංවිධානයෙන්, මෙහෙයවිමෙන්, සම්පත්දායකත්වයෙන් හා
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයයේ සමථ වැඩසටහන් නිලධාරී නීතිඥ සුමිත්‍රා සිරිමාන්න මහත්මියගේ ද සම්පත්දායකත්වය මාර්ග ගත තාක්ෂණය ඔස්සේ ලබා ගනිමින් මෙම වැඩසටහන පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ඵලදායිතා සංවර්ධන නිලධාරිතුමියගේ ද අපනයන සංවර්ධන නිලධාරීතුමියගේද සහයෝගය මේ සඳහා ලැබුණු.

















