හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන උතුර ග්රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්රතිසංවිධාන කටයුතු 2022. 12 .20 වන දින වසමෙහි සේවා පියසේ දී සිදු කරන්නට යෙදුණි.
මෙම වැඩසටහනෙහිදී කාන්තා සමිතියක ඇති වැදගත්කම, ඉන් ගමට,ප්රජාවට ලැබෙනා අත්වැල මෙන්ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබඳව ප්රජාව දැනුවත් කිරීමද සිදුවිය.
වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කළ මෙම වැඩසටහනෙහි
සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන ක්ෂේත්ර සහකාර විසින් සිදු කරන ලදී.
ග්රාම නිලධාරී ,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ,ආර්ථික සංවර්ධන නිලධාරී සහ වනිතා සංවර්ධන නිලධාරී ,වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර ප්රධාන වසමෙහි කාන්තාවන් මේ සඳහා සහභාගී විය.


















