හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තේගොඩ බටහිර ග්රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්රතිසංවිධාන කිරීමේ කටයුතු 21.12.2022 වන දින මත්තේගොඩ ශ්රී සරණ ධම්ම විහාරස්ථානයේදී සිදු කරන ලදී.
මෙහිදී කාන්තා සමිතියක ඇති වැදගත්කම මෙන්ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබඳව ප්රජාව දැනුවත් කිරීම ද සිදු කරන්නට යෙදුණි. ඒ සඳහා වනිතා සංවර්ධන නිලධාරිනියගේ සම්පත්දායකත්වය හිම්ව තිබුණි.
වසමෙහි ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ග්රාම නිලධාරී , සංවර්ධන නිලධාරී සහ කාන්තාවන් සහභාගී වූ අතර
මෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී , වනිතා සංවර්ධන ක්ෂේත්ර සහකාර විසින් සිදුකරන ලදී.


















