හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හේනවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි පැළෑඳගොඩ රණවිරු ගම්මානයේ සාමාජික ප්‍රජාව සඳහා ජංගම වෛද්‍ය සායනයක් 2022-12-21 දින එම ග්‍රාමයෙහි දී පවත්වන්නට යෙදුණි .
එම ගම්මානයේ ප්‍රජාවගේ ඉල්ලීම මත හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් මෙම සායනය පවත්වන ලද අතර මෙහිදී අධිරුධිර පීඩන පරික්ෂාව මෙන්ම රෝගාබාධයන් සඳහා ඖෂධ ලබාදීම සහ වෛද්‍ය කණ්ඩායම මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ප්‍රජාව වෙත නොමිලේ ලබා දෙන ලදී.
මෙම ජංගම වෛද්‍ය සායනයෙහි සංවිධාන කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය සංවර්ධන නිලධාරී - දේශීය වෛද්‍ය විසින් සිදු කරන ලදී.



















