හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතිය සහ කලාවෙහි අභිවෘද්ධිය වෙනුවෙන් ස්ථාපිත හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩළයෙහි මහා සභා රැස්වීම 2022/12/22 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විණි .
එහිදී බලමණ්ඩළ අරමුදල තර කර ගැනීම උදෙසා මහත් සම්භාවනට පාත්‍ර වූ "හුණුවටය" නාට්‍යය වේදිකා ගත කිරිමට යෝජනා ස්ථිර විය .
එමෙන්ම පවතින ආර්ථික ,සාමාජීය කාරණාවන් තුළ කලාකරුවන් ලෙස 2023 වර්ෂයෙහි ක්‍රියාත්මක විය යුතු වැඩසටහන් සහ බලමණඩළය මගින් කලාවට ,සංස්කෘතියට සහ සමාජයට විය යුතු මෙහෙයන් පිළිබඳ අදහස් ,යෝජනා ඉදිරිපත්විණි.
ප්‍රවීන කලාකරුවන් රැසක් සහ සංස්කෘතික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීම හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලදී..

















