හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තෙගොඩ නැගෙනහිර ග්රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්රතිසංවිධානය කිරීමේ කටයුතු 2022- 12 -25 වන දින සිදු කරන ලදී.
මෙහිදී කාන්තා සමිතියක ඇති වැදගත්කම මෙන් ම කාන්තාවකගේ භූමිකාව තුළ ඇති වැදගත්කම පිළිබඳව ප්රජාව දැනුවත් කරන ලදී.
ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කළ මෙම නිලවරණ අවස්ථාව කාන්තා සමිති සාමාජිකාවන්ගේ නැටුම්,ගැයුම් වලින් ද සමන්විත විය.
වනිතා සංවර්ධන නිලධාරී ,වසමෙහි සමෘද්ධි සංවර්ධන නිලධාරි ඇතුළු කාන්තා සමිති සාමාජිකාවන් රැසක් මේ සඳහා සහභාගීවූ අතර මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී ,වනිතා සංවර්ධන ක්ෂේත්ර සහකාර විසින් සිදුකරන ලදී.


















