හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙරලියාවල  ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය  හා වැඩිහිටි සමීතිය එක්ව සංවිධානය කල " සමෘද්ධි වැැඩිහිටි කුසලතා  කරළිය "  පසුගිය  26 දා හෙරලියාවල  ශ්‍රී සුධර්මාරාම පුරාණ  විහාරස්ථානයෙදී  පවත්වන  ලදී.

 

නර්තනාංග , කවි, ගීත, විරිදු, නාට්‍යය  හා  සමෘද්ධි කැකුළු ළමා සමාජ දරු දැරියන්ගේ  නර්තනාංගයන්ගෙන්  මෙදින   " සමෘද්ධි වැඩිහිටි  කුසලතා " කරළිය  වර්ණවත් විය.

හෙරලියාවල  ශ්‍රී  සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ   විහාරාධිපති  කෝට්ටේ ශ්‍රී  කල්‍යානි සාම ශ්‍රී සංඝ සභාවේ  අනුනායක  ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය  මකුරුප්පේ සෝමාලංකාර  හිමි, පූජ්‍ය අලවත්තේගම සමිත හිමි, හෝමාගම ප්‍රාදේශීය සභාවේ  ගරු උප සභාපති  බන්දුල රංජන් ඉලේපෙරුම මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුර පනාගොඩ මහතා, පොල්ගස්ඕවිට සමෘද්ධි බැංකු කළමනාකාරු පී.සජීවනී වේවැල්වල මහත්මිය, ග්‍රාම නිලධාරී නාමලී ජයකොඩි මහත්මිය, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්  සංවර්ධන නිලධාරී, ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන වල නායකයින් හා ප්‍රභූවරුන්, ප්‍රදේශවාසීන්  හා  සමෘද්ධි කැකුළු ළමා   සමාජ දරු දැරියන්  මෙම අවස්ථාවට  එක්වූහ.

පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ ක්ෂේත්‍ර   කලාප සහකාර, හෙරලියාවල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  සමෘද්ධි සංවර්ධන  නිලධාරිනී  සනෝජා  ගුණසේකර  මහත්මියගේ  මගපෙන්වීම  හා  මූලිකත්වයෙන්   සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන  සාමාජිකයින් හා වැඩිහිටි සමීති  සාමාජිකයින් එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී.

Samrudhi Senior Merit Competition

Samrudhi Senior Merit Competition 2

Samrudhi Senior Merit Competition 3

Samrudhi Senior Merit Competition 4

Samrudhi Senior Merit Competition 5

Samrudhi Senior Merit Competition 6

Samrudhi Senior Merit Competition 7

Samrudhi Senior Merit Competition 8

Samrudhi Senior Merit Competition 10

Samrudhi Senior Merit Competition 11

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top