මෙවර සා/පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන් වෙනුවෙන් පැවැත්වූ මනෝ විද්‍යාත්මකම ක්‍රියාකරකම් සමඟ මනෝ විද්‍යාත්මක දේශනයක් 2022/12/30 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරිවත්තුඩුව දකුණ වසමේ සාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී විෂය කරුණු මතක තබා ගැනීමේ කෙටි ක්‍රම, සටහන් තබා ගැනීම, විභාගයට පෙර සූදානම ආදී කරුණු පිළිබඳව සිසුන් සමඟ සාකච්ඡා කරන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසිනි.
















