හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල්තර කාන්තා කාර්ය සංවිධානය හා "ලියෝ ක්ලබ්" පදනම සමග එක්ව ජල්තර ප්‍රදේශයේ ගෙවතු වගාවන්ට යොමු වූ පවුල් 75 ක් සඳහා එළවළු පැළ සහ බඳුන් බෙදා දීමේ වැඩසටහනක් 2023.01.04 වන දින එම වසමෙහිදී පවත්වන ලදී.
මෙහිදි වසමෙහි කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර විසින් ගෙවතු වගාවට ඇවැසි දැනුම බෙදා දුන් අතර ආර්ථික සංවර්ධන නිලධාරි විසින් ද ප්‍රජාව ආමන්ත්‍රණය කිරීමට යෙදුණි.
ජල්තර කාන්තා කාර්ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණය වනිතා සංවර්ධන නිලධාරි,ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී.


















