හෝමාගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ 'සහන' ජේෂ්ඨ පුරවැසි කමිටුව හා 'සමුදුර' ළමා සමාජය එක්ව 2023 නව වසරට සෙත්පතා පෙරහැරක් හා බෝධි පූජා පිංකමක් පසුගියදා හෝමාගම පුරාණ විහාරස්ථානයෙදී පවත්වන ලදී.
හෝමාගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනී වින්ද්‍යා ලක්ෂිතා මහත්මියගේ හා සංවර්ධන නිලධාරී ලසන්ති නුගලියැද්ද මහත්මියගේ මූලිකත්වයෙන් හා 'සහන' ජේෂ්ඨ පුරවැසි කමිටුව හා 'සමුදුර' ළමා සමාජයේ සාමාජිකයින්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් මෙම පිංකම සිදුකරන ලදී.


















