හෝමාගම හේනවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සංවත්සර මහ සභා රැස්වීම පසුගිය නමවෙනි ( 9 ) දා මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමනාකාරු ඒ.ආර්.රූපසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් හේනවත්ත කොම්පයාහේන භාවනා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
හේනවත්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ 2022 වසරේ හොදම ගණුදෙනු කරුවන් ඇගයීම, 2023 වසරට නව නිලධාරීන් පත්කර ගැනීම හා සංවර්ධන නිලධාරී නවෝද් සිරිවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් රසවින්දන වැඩසටහනක් මෙදින සිදුකරනු ලැබීය.
මීගොඩ සමෘද්ධි කලාපයේ ක්ෂේත්‍ර සහකාර ඉමල්කා රෝෂිණී මහත්මිය, සංවර්ධන නිලධාරී නවෝද් සිරිවර්ධන මහතා,හේනවත්ත සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නිරංජලා රතුගම මහත්මිය හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නිරංජලා රතුගම මහත්මියගේ මූලිකත්වයෙන් හේනවත්ත සමෘද්ධි පුජා මූල සංවිධානයේ නිලධාරීන් විසින් මෙම සංවත්සර මහ සභා රැස්වීම සංවිධානය කරන ලදී .



















