බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම මත හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය සහ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකවන ග්‍රාමීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ පුහුණුලාභිනියන්ගේ කුසලතා එළිදැක්වීම උදෙසා පවත්වනු ලබන මැහුම්, අත්කම් , එම්බ්‍රොයිඩර්, පැච්වර්ක් නිර්මාණ ප්‍රදර්ශනය සහ මනාලියන් දැක්ම 2023-01-10 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනෙහි දී පාඨමාලාවන්හි කුසලතාවන් ප්‍රදර්ශනය කළ පාඨමාලාලාභීන් සඳහා සහතික සහ පදක්කම් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ප්‍රවාහන ,මහාමාර්ග හා ග්‍රාම සංවර්ධන අමත්‍යාශයේ ලේකම් කේ.චම්පා එන් .පෙරේරා මහත්මිය, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ආර්.එම්.දිනේෂා පී.කුමාරි මහත්මිය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් බිනූප කැකුලාවල මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) නිලංකා එන්. සම්පත් මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී විය.
පුද්ගල ජීවන තත්වය වඩාත් උසස් ලෙස නංවා ලීමේ අරමුණ සහිතව හෝමාගම ප්‍රාදේශීය ලේකම් තුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන කාර්යාලයීය ග්‍රාම සංවර්ධන නිලධාරී ,මැහුම් උපදේශිකා සහ රූපලාවන්‍ය උපදේශිකාව විසින් සංවිධානය කරන ලදී.



















