පානලුව කනිෂ්ඨ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ පාසල් සිසුන් සඳහා පවත්වන ලද උපදේශන වැඩසටහනක් 2023/01/12 වන දින එම විදුහලේ දී පැවැත්විණි.
"නව යොවුන් වියේ ගැටලු සහ ඇබ්බැහිය" යන තේමාව යටතේ මෙම දැනුවත් කිරීම සිදු කරන ලදී.මේ සඳහා සම්පත්දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිලධාරී ටෙරන්ස් අතුකෝරළ මහතා විසින් වන අතර සම්බන්ධීකරණය පානලුව ආර්ථික සංවර්ධන නිලධාරී විසිනි.

















