හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආටිගල නැගෙනහිර සහ ආටිගල බටහිර ග්‍රාම නිලධාරී වසම් ද්විත්වයෙහි ප්‍රජාව සඳහා දේශීය ආහාර සංස්කරණය පිළිබඳව සහ පෝෂණය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 - 01-12 වන දින ආටිගල බටහිර වසමෙහිදී පවත්වන්නට යෙදුණි .
වසමෙහි කාන්තා ප්‍රජාව ඉලක්ක කරගනිමින් පැවැත්වූ මෙම වැඩටහන සඳහා සම්පත්දායකත්වය හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයෙහි වෛද්‍ය ගිණිගේ මහතා විසින් ලබාදෙන ලදී.
ආටිගල නැගෙනහිර සහ බටහිර වසම්හි ග්‍රාම නිලධාරීන් ,ආටිගල බටහිර වසමෙහි කෘෂිකර්ම සංවර්ධන නිලධාරී මෙම වැඩසටහන සඳහා සහභාගී විය.
ආටිගල බටහිර වසමෙහි සංවර්ධන නිලධාරී ඉන්දුමා ජයංගනී මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය )ජී.වී. නිලන්ති මහත්මිය විසින් සිදුකරන ලදී.


















