හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තෙගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් මත්තෙගොඩ කිතුලහේන වසමෙහි අනාරක්ෂිත දරුවකු සඳහා සිද්ධි සම්මන්ත්‍රණයක් 2023-01-16 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි .
ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ තුමිය,මත්තෙගොඩ කිතුලහේන වසමෙහි පොලිස් නිලධාරී ,ග්‍රාම නිලධාරී ,සංවර්ධන නිලධාරී උපදේශන නිලධාරීන් ,කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයිය නොවිධිමත් ඒකකයේ ව්‍යාපෘති නිලධාරී ඇතුළු කාර්යාලයීය ළමා හිම්කම් ප්‍රවර්ධන නිලධාරී මේ සඳහා සහභාගී විය.
අනාරක්ෂිතභාවයට පත් දරුවාගේ ආරක්ෂාව සම්බන්ධව සහ ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
ප්‍රාදේශීය ලේකම් තුමාගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන කාර්යාලයීය ළමා හිම්කම් ප්‍රවර්ධන නිලධාරී බී.වී.එස්.තේජාන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදී.


















