හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටවල ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටි බටවල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් 2023-01-18 වන දින එම විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි.
පවතින ආර්ථික තත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ තත්වය වඩාත් ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරිව ,ප්‍රදේශයේ ජනතාව සඳහා වඩාත් ගුණාත්මක සේවාවක් සපයන රාජ්‍ය ආයතනයක් ලෙස ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු අංශ නියෝජනය කරමින් නිලධාරීන් සහ ප්‍රදේශයේ ව්‍යවසායකයින් විසින් මෙම සද්කාර්යය සඳහා දායකත්වය සැපයුණු අතර කාර්යාලයීය ක්ෂේත්‍ර අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා එම විද්‍යාලයේ විදුහල්පතිතුමිය ප්‍රධාන ආචාර්ය මණඩලය සහ සිසු දරුවන්, බටවල ග්‍රාම නිලධාරී වසමෙහි ග්‍රාම නිලධාරී ,සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රැසක් සහභාගී විය.



















