හෝමාගම පොල්ගස්ඕවිට සමෘද්ධි ප්රජා මූල බැංකුවෙහි විසිපස් වන ( 25 ) සංවත්සරය පසුගියදා පොල්ගස්ඕවිට සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.
2023 වසරට බැංකු පාලක මණ්ඩලය තෝරා පත් කර ගැනීම, 2022 වසරේ බැංකු පාලක මණ්ඩල නිලධාරීන්, හොදම ගණුදෙනු කරුවන් ඇගයීම හා සමෘද්ධි බැංකු හා ක්ෂේත්ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගයීම මෙදින සිදුකෙරින.
පොල්ගස්ඕවිට සමෘද්ධි බැංකු කලමණාකරු පී.සංජීවනී වේවැල්වල මහත්මියගේ මූලිකත්වයෙන් සමෘද්ධි බැංකු කාර්යය මණ්ඩලය හා ක්ෂේත්ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මෙම සංවත්සර උත්සවය සංවිධානය කරන ලදී.


















