ප්‍රාදේශීය ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමීය ප්‍රජාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පසුගියදා දියගම සාලවනෝද්‍යානාරාම විහාරස්ථානයෙදී පවත්වන ලදී .
වෑතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් හා දියගම නැගෙනහිර ප්‍රජා සංවර්ධන කමිටුවේ දායකත්වය ඇතිව දියගම නැගෙනහිර ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායම විසින් මෙම වෛද්‍ය සායනය සංවිධානය කරන ලදී.



















