හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවශ්‍යතා සහිත, තෝරාගත් පෙරපාසල් සඳහා ඉගෙනුම් උපකරණ සහ කියවීම් කට්ටල බෙදාදීම පසුගිය දා සිදුවිය.
කාන්තා, ළමා කටයුතු ,සමාජ සවිබළ ගැන්වීම් අමාත්‍යාංශයේ පෙරපාසල් ව්‍යාපෘතිය මගින් මෙම ඉගෙනුම් උපකරණ ලබා දෙන ලද අතර මෙම උපකරණ පෙර පාසල් 05 ක් සඳහා බෙදා දීමට කටයුතු කෙරුණි .
හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ බෙදා දුන් අතර කාර්යාලයිය මුල් ළමාවිය සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.



















