හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා කටයුතු අංශය සහ හර්බ් ලයින් ආයතනය එක්ව කොට්ඨාසයේ කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් "හර්බ් ලයින් අත්වැල" වැඩසටහන හඳුන්වා දීම 2023.04.20 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ මඟ පෙන්වීම මත කාර්යාලයීය නියෝජ්‍ය අධ්යක්ෂ - (සැලසුම්) නිලංකා එන්. සම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වනිතා සංවර්ධන නිලධාරී අනුරාධා මයාදුන්න මහත්මිය, හර්බ් ලයින් ආයතනයේ පුහුණු ප්‍රධානී, රූපලාවන්‍ය පාඨමාලා අධ්යක්ෂ සමන් විජේමාන්න මහතා මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
ලංකාව පුරා ව්‍යවසායක කාන්තාවන් 1000 ක් නිර්මාණය කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික්කයේ පළමු වැඩසටහන ලෙස උක්ත අරමුණ උදෙසා කැමැත්තක් දැක්වු තරුණ කාන්තාවන් 25දෙනෙකු ඉලක්ක කරගනිමින් මෙහි සමාරම්භය සනිටුහන් කෙරුණි .
කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


















