හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය වෙතින් සේවාවන් ලබාගත් , ආර්ථික දුෂ්කරතා සහිත පවුල් 25 ක් සඳහා රු : 5000/-ක් වටිනා වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනක් 2023.04.25 වන දින හෝමාගම නගරය සේවා පියස පරිශ්‍රයේ දී ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මෙම අවස්ථාවට සමගාමීව කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී කේ.ප්‍රතාපගේ මහතා විසින් ළමුන්ගේ ආරක්ෂාව හා සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිලාභී මව්වරුන් දැනුවත් කිරීම ද මෙහිදී කටයුතු සංවිධානය විය.
ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වුනු මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය " life for all "ආයතනය විසින් ලබාදෙන ලදී.
ප්‍රාදේශිය ලේකම් තුමන්,හෝමගම නගරය ග්‍රාම නිලධාරී ,life for all පදනමේ නිලධාරීන් , කාර්යාලයීය කාන්තා හා ළමා ඒකකයේ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
ළමා හා කාන්තා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු වනිතා සංවර්ධන නිලධාරී,වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකෙරුණි .



















