හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායක ප්‍රජාවගේ ව්‍යාපාර සංවර්ධනයට අත්වැල සපයමින් Follow up meeting (Analyzed Business) වැඩසටහන 25/04/2023 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග සම්බන්ධ වී තම ව්‍යාපාර සංවර්ධනය සිදු කර ගත් ව්‍යවසායකයින් 15 දෙනෙකු වැඩසටහන සඳහා සම්බන්ධ වූ අතර මෙම වැඩසටහනෙහිදී ඔවුන්ගේ ව්‍යාපාර ගැටලු , ව්‍යාපාර ඉදිරි අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි ප්‍රදීපා ජයසේකර මහත්මිය විසින් ලබාදෙන ලදී.
කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.





















