උතුම් වූ තිලෝගුරු බුදුරජාන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් පැවැත්වෙනු ලබන ජාතික වෙසක් උත්සවය-2023 ට සමගාමීව ආයුර්වේද වෛද්‍ය සායනයක් හා සෞඛ්‍යමය ආහාර රටාවක් ගොඩ නගා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.03 වන දින හෝමාගමදී පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වටරැක සායිබබා වැඩිහිටි නිවාසයේ දී පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය හෝමාගම ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් ලබා දෙන ලදි.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස්පරිදි පවත්වනු ලැබූ මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය සංවර්ධන නිලධාරි (දේශීය වෛද්‍ය), සමාජසේවා නිලධාරීන් සහ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී විසින් සිදුකෙරුණි .


















