හෝමාගම පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයට අයත් වසම්හි අඩුආදායම්ලාභී දරුවන් වෙනුවෙන් රිලාවල සුසීමාරාම විහාරස්ථ ප්‍රජා සේවා පදනම මූලිකව ආදි ශිෂ්‍ය / ශිෂ්‍යාවන්ගේ අනුග්‍රහයෙන් පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් රිලාවල සුසීමාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය සේදවත්තේ පඤ්ඤාවංශ හිමිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රිලාවල සුසීමාරාම විහාරස්ථානයෙදී පැවැත්විණ.
පොල්ගස්ඕවිට සමෘද්ධි කළමනාකරු පෙරෝසා සංජීවනී වේවැල්වල මහත්මිය ,ග්‍රාම නිලධාරි ලලනි නිරංජලා මහත්මිය , සංවර්ධන නිලධාරි ලලනි චන්දිමා මහත්මිය ,සමෘද්ධි නිලධාරි තුසිත සමන් මහතා ප්රමුඛ පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම්හි වසම්භාර සමෘද්ධි නිලධාරින්, ආරාධිත අමුත්තන් හා දෙමාපියන් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.



















