හෝමාගම පනාගොඩ නගරය සමෘද්ධි ලක් කැකුළු ළමා සමාජය මගීන් මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන බෙලි මල් දන්සැලක් පනාගොඩ සුභ සාධක මාවතේදී පසුගිය හයවෙනි (6 ) දින පවත්වන ලදී.
පනාගොඩ නගරය සමෘද්ධි සංවර්ධන නිලධාරී සරෝජනී අල්විස් මහත්මියගේ මූලිකත්වයෙන් පනාගොඩ නගරය සමෘද්ධි ලක් කැකුළු ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන් විසින් මෙම බෙලි මල් දන්සැල සංවිධානය කරනු ලැබීය.



















