හෝමාගම නාවලමුල්ල සමෘද්ධි " සුපිපි " කැකුළු ළමා සමාජයේ පුස්තකාලය සදහා රුපියල් 250,000/= ක් පමණ වටිනාකමකින් යුත් පොත් පරිත්‍යාගයක් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ විශ්‍රාමික සංගමයේ මාරසිංහ මැතිතුමා ප්‍රමුඛ සාමාජිකයින් විසින් පසුගියදා නාවලමුල්ල සම්මතාරාම විහාරස්ථානයෙදී ලබාදෙන ලදී.
නාවලමුල්ල සම්මතාරාමාධිපති පුජ්‍ය මීගොඩ අතුලසිරි ස්වාමීන්වහන්සේ ඇතුලු මහා සංඝරත්නය, සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික කරුණාරත්න මහතා, සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරීන් ඇතුළු සුපිපි ලමා සමාජ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.



















