බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් "සුදරූ ","කැමිලා" විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉලක්ක කොට ගනිමින් මෙම වැඩසටහන 2023-07-26 වන දින "කැමිලා" විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලේදී පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා දරුවන් 40දෙනෙකු පමණ සහභාගී වූ අතර මේ සඳහා සම්පත්දායකත්වය උපුල් රංජිත් මහතා විසින් ලබාදුණි.
සමාජ සේවා නිලධාරී ,වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී සහ සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.




















