දීර්ඝ කාලයක් කලාව වෙනුවෙන් සිය කාලය ,ශ්‍රමය,ධනය වෙන්කල , මේවන විට අසනීප තත්වයෙහි පසුවන කලාකරුවන්ගේ සුව දුක් විමසීම අරමුණු කරගනිමින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩල සාමාජිකාවන් දෙපලක් බැහැදැකීමට යාම 2023-07-28 වන දින සිදුවිය.
ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩල සමාජිකයන් සහ සංස්කෘතික නිලධාරීගේ සහභාගීත්වයෙන් ලේඛිකා හේමා කුරුප්පු මහත්මිය සහ නාට්‍යවේදිනී චන්ද්‍රා අරුමාවඩු මහත්මියගේ නිවසට ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා ,ඔවුන් හට ආශිර්වාද එක්කිරීම මෙන්ම කලාව වෙනුවෙන් කරනා ලද සේවය ස්තූති පූර්වකව ඇගයීම මෙහිදී සිදුවිය.
මේ සඳහා සංස්කෘතික බලමණ්ඩල අරමුදලෙහි දායකත්වය හිමිවිය.


















