හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත කාර්යාලයීය සමාජ සේවා අංශය සහ වැඩිහිටි බලමණ්ඩළයේ සම්බන්ධීකරණයෙන් ශීල සමාදානමය පිංකමක් 2023-07-29වන දින හෝමාගම,කටුවාන පිංබිම පරිශ්‍රයේදී පැවැත්විණි .
මෙම වැඩසටහන හා සමගාමීව සර්වඥ ධාතූ වන්දනාමය වැඩසටහනක් පැවැත්වුනු අතර මේ සඳහා සැදැහැතියන් විසල් පිරිසක් සහභාගී විය.
මෙම ශිල සමාදානමය වැඩසටහන සඳහා අනුග්‍රහය කටුවාන වැඩිහිටි සංවිධානයේ සභාපති ප්‍රමුඛ සාමාජිකයන්ද, වැඩිහිටි බලමණ්ඩලයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින්ද ලබාදෙන ලද අතර මේ හා සම්බන්ධ සියලු සම්බන්ධීකරණ කටයුතු මාගම්මන ග්‍රාම නිලධාරී රංජිත් තලාකොටුන්න මහතා විසින්ද උදෑසන සහ දිවා දානමය පිළිගැන්වීම සම්බන්ධීකරණය කටුවාන ග්‍රාම නිලධාරී ලක්ෂ්මී මහත්මිය සහ වැඩිහිටි කම්ටු සභාපති විසින්ද සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රධාන කාර්යාලයීය නිලධාරීන් රැසක් සහභාගී ව්ය.



















