මුල් ළමාවිය සංවර්ධන සතිය මූලික කරගනිමින් පිටිපන උතුර වසම පාදක කර ගනිමින් සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රජාපාදක වැඩසටහනෙහි දෙමව්පියන් දැනුවත් කිරීමේ තවත් අදියරක් ලෙස පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන පිටිපන උතුර සිඟිති පෙර පාසල පාදක කර ගනිමින් 2023-07-28 දින සිදු කරන ලදී.
මුල් ළමාවිය සංවර්ධන නිලධාරි චමරි ලක්මාලි මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර මේ සඳහා සම්පත් දායකත්වය චමරි ලක්මාලි (මුල් ළමාවිය සංවර්ධන නිලධාරී) නදීෂානි පේලිආරච්චි (බාහිර සේවා සහ උපදේශන නිලධාරි) විසින් සිදුකරන ලදී.















