ප්‍රජා විශෝධන ආඥාලාභීන් ගේ අයහපත් චර්යා වෙනස් කරමින් යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 2023.08.09 හෝමාගම අධිකරණ පරිශ්‍රයෙහිදී පවත්වනු ලැබීය.
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරි අනිල් ශාන්ත මහතා සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ සංවර්ධන නිලධාරී උමේන්ගා ගිශානි යන නිලධාරීන් විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදුන් අතර මෙම වැඩසටහන කාර්යාලයීය ප්‍රජා විශෝධන නිලධාරී විසින් සංවිධානය කරන ලදී.



















