හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා කටයුතු අංශය සහ "Life For All "පදනම එක්ව , කාන්තා බල මණ්ඩල නිලධාරින් හා ළමා කාන්තා ඒකකයට පැමිණි විව්ධ අපහසුතා නිසා පීඩාවටපත් තෝරාගත් සේවාලාභීන් ඉලක්ක කරගමින් රසවින්දන වැඩසටහන 2023.08.15 වන දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී.

 

ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය කලාශිල්පී, සංගීත විශාරද හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි නිලංක නවෝද් සිරිවර්ධන මහතා විසින් ලබා දෙන ලදී.

ස්වෙච්ඡා නිලධාරීන්ගේ හා ප්‍රතිලාභී පවුල්වල සාමාජිකාවන්‍ගේ මානසික සුවය ඇති කරමින් ඔවුන් වෙත වඩාත් යහපත් ජීවන තත්වයක් ඇතිකරදීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.

Life For All පදනමේ අනුග්‍රහය මත රු.7000 ක වටිනා කමකින් යුතු වියළි ආහාර මළු 46 ක් ප්‍රතිලාභී කාන්තාවන් 46 දෙනෙකු අතරේ බෙදා දීම ද මෙහිදී සිදු කරන ලද අතර මේසඳහා රු. 337,000.00 ක මුදලක් එම ආයතනය විසින් දරන ලදී.

කාර්යාලයීය ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය වනිතා සංවර්ධන නිලධාරී , වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර විසින් සිදුකරන ලදී .

 

1.entertainmentprogram20230815

2.entertainmentprogram20230815

3.entertainmentprogram20230815

4.entertainmentprogram20230815

6.entertainmentprogram20230815

 

5.entertainmentprogram20230815

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top