හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි ව්‍යවසායකයින් සඳහා නිවැරදිව තම ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාපාර සැලසුම් සැකසීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද දෙදින පුහුණු වැඩසටහනක් 2023/08/24 හා 25 දිනයන්හි හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි..
මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 17 දෙනෙකු සහභාගී වූ අතර මේ සඳහා සම්පත්දායකත්වය කොළඹ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී තිලිණි වඩුගේ මෙනවිය සහ අමල් ගුරුසිංහ මහතා විසින් ලබා දෙනු ලැබීය.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම මත කාර්යාලයීය කුඩා ව්‍යාපාර අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


















